එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය බංගලාදේශය සමගින් අද (06) පස්වරු 2 ට ඉන්දියාවේ දිල්ලි හීදී ආරම්භ වීමට නියමිතව තිබේ.
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන ඉදිරි තරග දෙක ගුණාත්මක දළ ලකුණු වේගයක් සමඟ ජයගතහොත් අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් ශ්‍රී ලංකාවට තබා ගැනීමේ හැකියාව ඇති බැවින් අද තරගය මෙන්ම එළැඹෙන නවසීලන්ත තරගයද තීරණාත්මක තරගයක් වී තිබේ.
නමුත් මේ වනවිට දිල්ලි නුවර වායු දූෂණය ඉතා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බැවින් කණ්ඩායම් දෙකම සිය පුහුණුවීම් කටයුතු පසුගියදා අත්හැර දැමීය.
ජාත්‍යන්තර මාධ්‍ය හා ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන පරිදි අද තරගය පැවැත්වීම පිළීබඳව ඇත්තේ තවමත් අවිනිශ්චිතභවයකි.
ICC තාක්ෂණික කමිටුව විසින් සිදුකෙරෙන වායු පරීක්ෂාවකින් පසුව තරගය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව තිබේ.