ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා 7 දෙනෙකුගෙන් යුතු අතුරු පාලක මණ්ඩලයක් පත් කර තිබේ.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මඟින් අමාත්‍යවරයා වෙත ලැබී ඇති බලතල මත මෙම අතුරු කමිටුව පත් කර තිබේ.
එහි සභාපතීත්වය හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට ලැබී ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස,
- විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම්
- විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ
- විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා
- උපාලි ධර්මදාස
- නීතීඥ්‍ය රකිත රාජපක්ෂ
- නීතිඥ්ය හිෂාම් ජම්ල්දීන් යන අය පත් කොට තිබේ.
ඒ අනුව පත් කරන ලද අතුරු කමිටුව අද (06) සිට බලාත්මක වන අතර මේ හේතුවෙන් පෙර පැවැති ක්‍රිකට් පාලක මණ්ඩලය තාවකාලිකව අහෝසි වනු ඇත.