ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබේ.
එහි ප්‍රධාන විධායක නිළධාරී ජෙෆ් ඇලඩයිස් විසින් යොමු කර ඇති මේ ලිපිය මගින් කියවූයේ ශ්‍රී ලංකා ක්රිකටායතනය හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර මතුව ඇති මත ගැටුම් නිසා ශ්‍රී ලංකාවට ICC යේ 2024 වාර්ෂික සමුළුව හා ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය අහිමි වීමට ඉඩ ඇති බවයි.
එසේ නොවීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ස්වාධීනත්වය තහවුරු කර පෙන්විය යුතු බව එම්ම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.
ඔවුන් එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2024 අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 2026 විස්සයි 20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2027 වසරේ කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ මූලික සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදී ඇති බැවින් එම තරගාවලි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නම් ඡන්දයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම්වලින් තොර සහායෝගයක් රජයෙන් ලැබෙන බව තහවුරු කළ යුතු බවයි
රසිත ජයවීර