ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජය ශ්‍රී ලංකාවට හිමි විය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගය අතරතුර වර්ෂාවෙන් බාධා එල්ල විය.
වාර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 27ට සීමාවු අතර සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22.5 කදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 96ක් පමණි.
වනිඳු හසරංග සුපිරි පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 19 ට කඩුළු 07ක් බිඳ හෙළීය.
පිලීතුරු ඉනිම්ට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 16.4 දී අදාළ ඉලක්කය පසු කිරීමට සමත් විය.
කුසල් මෙන්ඩිස් ලකුණු 66ක් රැස් කිරීමට සමත් විය.
තරගයේ වීරයා වනිඳු හසරංග
තරගාවලියේ වීරයා ජනිත් ලියනගේ