පුනර්ජනනීය බලශක්තියේ ශ්‍රී ලංකා වේ ප්‍රමුඛයා වන WindForce PLC, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන බලශක්ති නිෂ්පාදකයා (IPP) වන Lakdhanavi සමග එක්ව, පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන සිංගප්පූරුව පදනම් කරගත් ආයෝජන සමාගමක් වන The Blue Circle සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් පසුගියදා ආරම්භ කර ඇත. එය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ පරිවර්තනිය වෙනසක් උදෙසා නව බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් වේ. මෙම සුවිශේෂී ඒකාබද්ධ ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් අනුමත කරන ලද සුවිශාලතම පුද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන අතර එය විදුලි ජනනය, ගබඩා කිරීම සහ සම්ප්‍රේෂණය ඇතුලත් ශ්‍රී ලංකාවේ පළමු ඒකාබද්ධ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ද වේ. ඇමරිකානු ඩොලර් මිලියන 152 ක සෘජු ආයෝජනයක් සමග 2025 අගභාගය වන විට මෙම ව්‍යාපෘති අවසන් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 100MW සූර්ය බලාගාරයක්, අති නවීන 12MWh බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) 2×63’5MVA, 132/33kV ජාල උපපොළක් යනාදී වශයෙන් සියලු අංශයන්, අංගෝපාංග සියල්ල ඇතුළත් වී ඇත. මෙම 27km” 1323/3kV සම්ප්‍රේෂණ මාර්ගය, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශය තුළ ප්‍රමුඛතම බලවේගයක් ලෙස WindForce හි ශක්තිය තව තවත් තහවුරු කරන්නක් වේ. මෙම සාමුහික උපාය මාර්ගය, පුනර්ජනනීය බලශක්ති බලාගාරයක්, ගබඩා පද්ධතියක්, ජාල උපපොළක් සහ සම්ප්‍රේෂණ මාර්ග යන සියල්ල ඒකාබද්ධ කරයි. එය ශ්‍රී ලංකාවේ අසමසම වූ තිරසාර බලශක්ති යටිතල පහසුකම් සඳහා සම්බන්ධීකරණ ප්‍රවේශයක් විදහා දක්වන අතර, එය ඒකාබද්ධ BESS එකක් ඇතුළත් කළ පළමු අවස්ථාව ද වේ. මෙම ඓතිහාසික ව්‍යාපෘතිය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවෙන අතර, ජාල ස්ථායිතාව වැඩිදියුණු කිරීම සහ දිවයිනේ විදුලිය බෙදාහැරීම ප්රශස්ත කිරීම සඳහා ද විශාල වෙනසක් සිදු කෙරෙනු ඇත.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මගින් 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන් හරහා සිය විදුලි ඉල්ලුමෙන් 70%ක් සපුරා ලීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකා ව ළං කරමින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100ක පිරිසිදු හා තිරසාර බලශක්තියක් ලබා දෙනු ඇත. දේශීය ප්‍රජාව හට, ඉදිකිරීම් සහ මෙහෙයුම් අදියර දෙකේදීම රැකියා අවස්ථා ලබා දීමටද කටයුතු කෙරෙනු ඇත. ඉදිකිරීම් අතරතුර, මෙම ව්‍යාපෘතිය මගින් නුපුහුණු කම්කරුවන් 500 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා රැකියා ලබා දෙනු ඇති අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ නුපුහුණු සේවකයන් 50 දෙනෙකුට ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුවත් රැකියා අවස්ථා අඛණ්ඩව පවතී.
මෙම විප්ලවීය එකමුතුව පිළිබද අදහස් දක්වමින්, WindForce හි කළමණාකාර අධ්යක්ෂ මංජුල පෙරේරා පැවසුවේ ”අපගේ ගෞරවනීය හවුල්කරුවන් සමඟ එක්ව මෙම දැවැන්ත ව්‍යාපෘතියට සම්බන්ධ වීමට ලැබීම ගැන අපි ඉමහත් ආඩම්බර වෙමු. මෙම උත්සාහය රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ලීමට මෙන්ම, දිගුකාලීන වර්ධනය වන බලශක්ති අවශ්‍යතා සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නව්‍ය විසඳුම් සඳහා පුරෝගාමී වීම උදෙසා අපගේ කැපවීම ද පෙන්නුම් කරයි. අති නවීන තාක්ෂණයන් සහ යටිතල පහසුකම්වල සංකලනය යහපත් වෙනසක් ඇති කිරීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාර්ථකත්වයට දායක වීමට අපගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කෙරෙනු ඇතැයි අප විශ්වාස කරනවා, ඒ වගේම ව්‍යාපෘතිය අවසන් වූ පසු පිරිසිදු සහ විශ්වාසනීය බලශක්තිය තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතා ව ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වෙනවා.” යන්නයි.
WindForce යනු ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශයේ විශාලතම (IPP) නවෝත්පාදකයා මෙන්ම තිරසාර වර්ධනය සහ තාක්ෂණික දියුණුව සඳහා එහි නිරන්තර කැපවීම් සිදුකරන ආයතනයකි. WindForce 2010 දී ආරම්භ කරන ලද අතර එතැන් සිට මෙගා වොට් 245.1 ක, සම්පූර්ණ ස්ථාපිත ධාරිතාවයකින් යුත් පිරිසිදු බලාගාර 30 ක් ස්ථාපනය කර අවසන් කර ඇති අතර ඉන් 60% ක් ශ්‍රී ලංකාවේ ස්ථාපිතව ඇති අතර ඉතිරිය උගන්ඩාව, පකිස්ථානය සහ යුක්රේනයේ පිහිටා ඇත. මෙම නව ව්‍යාපෘතිය මගින් WindForce හි ස්ථාපිත ධාරිතාව 30% කින් වැඩි වන අතර, තිරසාර බලශක්තියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා ලෙස සමාගමේ ස්ථාවරය තව තවත් ශක්තිමත් කරනු ඇත.