අම්රාක් වෛද්‍ය විද්‍යා ආයතනය සහ එබෙක් ලැන්වේජ් ලැබොරටරීස් ප්‍රයිවට් ලිමිටඩ් අතර පුරෝගාමී සහයෝගීතාවයේ ඵලයක් වන අම්රාක් එබෙක් විසින්, තම කේම්බ්‍රිජ් විභාග මධ්‍යස්ථානය නිල වශයෙන් ඩර්ඩන්ස් රෝහල් ශ්‍රවණාගාරයේදී දියත් කරන ලදි. මෙම ප්‍රාරම්භනය සඳහා අරමුණ වන්නේ ශාස්ත්‍රීය හා වෘත්තීය විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා ඉල්ලුම් කෙරෙන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති ගෝලීය වශයෙන් පිළිගත් සහතික සහ අධ්‍යයන පාඨමාලා ප්රදානය කිරීමෙන් ශ්‍රී ලංකාව පුරා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ඉහළ නැංවීමයි.
මෙම අවස්ථාවට දකුණු ආසියා කේම්බ්‍රිජ් ආයතන කළමනාකාර අධ්යක්ෂ අරුන් රාජමනි මහතා, අම්රාක් වෛද්‍ය විද්‍යා ආයතනයේ විධායක අධ්යක්ෂ රංග විමලසූරිය මහතා, අම්රාක් වෛද්‍ය විද්‍යා ආයතනයේ නිර්මාතෘ රක්ෂිත තුඩාවේ මහතා, ඩර්ඩන්ස් රෝහලේ විධායක අධ්යක්ෂ අමින්ද තුඩාවේ මහතා, එබෙක් ලැන්වේජ් ලැබොරටරීස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නෙස්ලින් ජොන්සන් මහතා, එබෙක් ලැන්වේජ් ලැබොරටරීස්හි කළමනාකාර අධ්යක්ෂ ගෝබාලක්රිෂ්ණ ශ්‍රීකාන්තන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම, අම්රාක් සහ එබෙක් යන ආයතන දෙකෙහිම ගෞරවනීය කොටස්කරුවෝ සහභාගී වූහ. මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව කේම්බ්‍රිජ් ඉංග්‍රීසි සහතිකකරණය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින්, YLE, KET, PET සහ Linguaskill වැනි ජාත්‍යන්තරව පිළිගත් ඉංග්‍රීසි ඇගයීම් පරීක්ෂණ සඳහා ප්‍රවේශය ලබා දෙනු ඇත.
අම්රාක් එබෙක් හි මෙහෙයුම වන්නේ පාසල්, විශ්වවිද්‍යාල, රජයේ දෙපාර්තමේන්තු සහ වෘත්තිකයන්ට ගුණාත්මක ඉංග්‍රීසි භාෂා විසඳුම් ලබා දීම හරහා කුසලතා සඳහා වන සමාගම් මට්ටමේ අවශ්‍යතා සහ ශාස්ත්‍රීය ජයග්‍රහණ අතර පවතින පරතරය පියවීමයි. මෙම ප්‍රාරම්භනය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය සහ ඇගයීම් දෙපාර්තුමෙන්තුව, විශේෂඥ භාෂා පාඨමාලා (Specialist Language Courses (UK)) සහ BookR Class (හංගේරියාව) ඇතුළු ක්ෂේත්‍රෙය් ගෝලීය ප්‍රමුඛයන් සමඟ වන උපායමාර්ගික සහයෝගීතාවලින් අනුබල ලබයි.
“කේම්බ්‍රිජ් ඉංග්‍රීසි පරීක්ෂණ දිර්ඝ කාලයක් තිස්සේ මුළු ලෝකය පුරාම භාෂා ප්‍රවීණතාවය සඳහා මිණුම් දණ්ඩක් ලෙස පැවත තිබෙනවා. ශිෂ්‍යයන්ට සහ වෘත්තිකයන්ට මේ කීර්තිමත් සහතික ලබා ගැනීමට අවස්ථා නිර්මාණය කරමින් ගෝලීය මට්ටමෙන් රැකියා සඳහා ඔවුන්ගේ යෝග්‍යතාව වැඩි දියුණු කිරීම, මෙම මධ්‍යස්ථානයේ දියත් කිරීම හරහා සිදු කෙරෙනවා” යනුවෙන් අරුන් රාජමනි මහතා අදහස් දැක්වීය.
අම්රාක් එබෙක් හි අනාගත සැලසුම් අතරට ග්‍රාමීය ප්‍රදේශවලට තම ව්‍යාප්තිය පුළුල් කිරීම, වෘත්තිකයන් සහ ආයතන සඳහා පුද්ගලානුරූප සහ අවස්ථෝචිත භාෂා වැඩසටහන් ගොඩනැගීම සහ තවත් අධ්‍යාපන ආයතන සමඟ හවුල්කාරීත්වයන් ඇති කරගැනීම ඇතුළත් වේ. පුළුල් ශිෂ්‍ය ප්රජාවකට ගෝලීය මට්ටමේ ඉංග්‍රීසි ඇගයීම් පරීක්ෂණවලට ප්‍රවේශ වීමේ පහසුව ඇති කිරීම, තම ශාස්ත්‍රීය සහ වෘත්තීය ඉලක්ක සපුරා ගැනීම සඳහා පුද්ගලයින් බල ගැන්වීම මෙම මධ්‍යස්ථානයේ අරමුණ වේ.අම්රාක් එබෙක් යනු අම්රාක් වෛද්‍ය විද්‍යා ආයතනය සහ එබෙක් ලැන්වේජ් ලැබොරටරීස් ප්‍රයිවට් ලිමිටඩ් එක්ව නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කිරීමට කැපවූ ඒකාබද්ධ ව්‍යාපාරයකි. ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සහ ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කිරීම හරහා අම්රාක් එබෙක්, නිපුණතා පරතරය පියවනුයේ තරඟකාරී ගෝලීය වාතාවරණයක් තුළ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා සිසුන් සහ වෘත්තිකයන් සන්නද්ධ කිරීම තහවුරු කරමිනි.