ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා විසින්
2023 The State of Fashion Report හි, ගෝලීය උපදේශන සමාගමක් වන McKinsey හි වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ විලාසිතා කර්මාන්තය ආකාර දෙකකින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව සුඛෝපභෝගී විලාසිතා අංශය 5-10% ත් අතර වර්ධනය වන අතර අනෙකුත් විලාසිතා අංශ පෙර වසරට සාපේක්ෂව සියයට 2%කින් පහත වැටීමක් දැකිය හැකි බවත් සුඛෝපභෝගී නොවන විලාසිතා අංශය 3%කින් පමණ වර්ධනය වනු ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.
රටේ ආර්ථිකය තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඇඟලූම් කර්මාන්තය ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය සැලකිල්ලට ගනිමින් මෙම තත්වය අතිශයින් වැදගත් වේ. ඇඟලූම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ විනිමය උපයන්නා වන අතර වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අපගේ මුළු අපනයන වටිනාකමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සඳහා එය දායකත්වය ලබා දෙයි. බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට කර්මාන්තයේ ඇති අඛණ්ඩ කැපවීම සැලකිල්ලට ගෙන, එහි වැදගත්කම තවත් වර්ධනය වී තිබේ.
කොවිඞ් වසංගතයේ බලපෑම් සමඟ අප තවමත් පොරබදමින් සිටියදී, 2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් ඇති වූ ගැටුම ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳපොලවලට බාධා ඇති කළ ඇති අතර එම බාධා කිරීම් ජාත්‍යන්තර වෙළෙඳාමට ද දැඩි බලපෑමක් ඇති කළේය. මීට අමතරව, ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ 2024 දී GSP+ යෝජනා ක්‍රමය නැවත ලබා ගැනීම සඳහා සූදානම් වෙමින් සිටියදී, දේශපාලන අර්බුදයක් සහ ස්වෛරී ණය පැහැර හැරීමක් හේතුවෙන් රට දැඩි සාර්ව ආර්ථික අර්බුදයකට ගෙන ගියේය.
රජය විසින් මෙම තීරණාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට සූදානම් වන විට, ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) දත්ත මගින් හෙළි කරන්නේ 2022 එම කාල සීමාවට සාපේක්ෂව මේ වසරේ පළමු මාස හත තුළ ඇඟලූම් අපනයනය 23% කින් පහත වැටී ඇති බවයි.
සමහර බලපෑම් දැනටමත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තාවල කර්මාන්තශාලා වසා දැමීම් පිළිබඳව සඳහන් කර ඇත, නමුත් මෙම වාර්තාවල අවශ්‍ය සියලූ තොරතුරු නොමැති අතර ඒවායේ සත්‍ය අසත්‍යභාවය පැහැදිලි නැත. ඇඟලූම් කර්මාන්තය ප්‍රධාන ස්ථර තුනකින් ක්‍රියාත්මක වේ. පළමු ස්ථරය විශාල හා මධ්‍යම පරිිමාණයේ අපනයන සමාගම්වලින් සමන්විත වේ. දෙවන ස්ථරය පළමු ස්ථරයේ සමාගම් සඳහා කොන්ත්‍රාත් වැඩ භාර ගන්නා කුඩා ව්‍යාපාරවලින් සමන්විත වේ. තෙවන ස්ථරය අවිධිමත් අංශය වන අතර එය රජයේ ආයතන සමඟ හොඳින් ලේඛනගත වී නොමැත.
ඇඟලූම් ඇණවුම් සඳහා වන ඉල්ලූම අඩුවීම බලපෑම් රැුසක් ඇති වීමට හේතු වූ අතර විශේෂයෙන්ම රැකියා අහිමිවීම් සහ කර්මාන්තශාලා වැසී යාම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
ශ්‍රී ලංකාවේ විශාල ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදකයින්ට පවා මෙම ආර්ථික අභියෝගවලට මුහුණ දීමට පියවර ගැනීමට සිදු වී ඇත. නිෂ්පාදන පහසුකම් ඒකාබද්ධ කිරීම, තාවකාලිකව වසා දැමීම සහ සමහර අවස්ථාවලදී පහසුකම් ස්ථිරවම වසා දැමීම වැනි ක්‍රියාකාරකම් ඒවාට ඇතුළත් වේ.
බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීම ගැන රාජ්‍ය නොවන සංවිධාන සහ ක්‍රියාකාරී කණ්ඩායම් කනස්සල්ලට පත්ව සිටිති. සමස්ත ආර්ථික ප්‍රශ්න සහ රජයේ මුදල් හිඟකම නිසා රැකියා අහිමි වීම් හා අඩු වැටුප්වලට සේවය කිරීම රට තුළ විශාල සමාජ සුබසාධන අර්බුදයක් ඇති කරනු ඇතැයි ජනතාව තුළ බියක් ඇති කරයි. කෙසේ වෙතත්, ඇඟලූම් කර්මාන්තයේදී මේ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැත. ඇණවුම් අඩුවීම හේතුවෙන් පූර්ණ වශයෙන් වැඩ කිරීම අඩු වූ අතර සමහර ඒකක වැසී ගිය විට අපගේ ඇතැම් කර්මාන්තශාලා ඔවුන්ගේ සේවකයින් වෙනත් පහසුකම් වෙත යොමු කරනු ලැබීය.
ඇඟලූම් කර්මාන්තයේ පුද්ගලයින් 300,000 ත් 350,000 ත් අතර සංඛ්‍යාවක් සේවය කරන අතර, වසරේ ඇතැම් කාලවලදී ඇති වන කාර්යබහුලත්වය මත සහ කර්මාන්තයෙන් ඉවත් වන පුද්ගලයින් සංඛ්‍යාව අනුව මෙම සේවක සංඛ්‍යාව වෙනස් විය හැකිය. අපගේ සේවකයින්ගේ සුබසාධනය JAAF හි සියලූ සාමාජිකයින්ගේ ප්‍රමුඛතාවය බව අප නිරන්තරයෙන් අවධාරණය කර තිබේ. කොවිඞ් වසංගතය අතරතුර අපගේ සියලූම සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කොවිඞ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමෙන් අපගේ මෙම කැපවීම පෙන්නුම් කළෙමු. මීට අමතරව, වෘත්තීය සමිති සහ රජය සමඟ ඇති කරගත් ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් හරහා, සේවකයින්ට ඔවුන්ගේ වැටුප් අඛණ්ඩව ලැබීමට සහ ඔවුන්ට වැඩ කිරීමට නොහැකි වූ lockdown කිරීමේ කාලවලදී පවා අඛණ්ඩව වැටුප් ලබා දෙන බවට අප සහතික වූයෙමු.
ගෝලීය හා දේශීය වශයෙන් වර්තමාන තත්වය දුෂ්කරය. නමුත් අප යථාර්ථවාදී විය යුතුය. අපි මෙම අර්බුදය හරහා ඉදිරියට යාමේදී ඇතැම් ප්‍රවීණයන් විශ්වාස කරන්නේ මෙම අර්බුදවලින් වැඩි කොටසක් අපගේ ක්‍රියාවන් නිසා විය හැකි බවයි. ඒවගේම වසා දමා ඇති ඇතැම් කර්මාන්තශාලා නැවත විවෘත නොකරනු ඇත. තවද සැලකිය යුතු රැකියා අහිමිවීම් සිදු වනු ඇති අතර සමහර සේවකයන්ට තම රැකියාවට ආපසු යාමට නොහැකි වනු ඇත. McKinsey වාර්තාව අවධාරණය කරන පරිදි, ඉදිරිය ඉතා දුෂ්කර විය හැකිය.
McKinsey වාර්තාව සඳහා සමීක්ෂණයට ලක් වූ විලාසිතා ක්ෂේත්රයේ විධායකයින්ගෙන් 85% ක් පමණ විශ්වාස කරන්නේ දැනට පවතින රුසියානු-යුක්රේන අර්බුදය සහ අඛණ්ඩව ඉහළ යන උද්ධමනය කර්මාන්තයට බලපානු ඇති බවත් එය ගෝලීය අස්ථාවරත්වයට අඛණ්ඩව දායක වනු ඇති බවයි
පළමුව, වෙනස් වීම් සැමවිටම සිදු වන අතර ඒවාට බිය වීම වෙනුවට අප විසින් කළ යුත්තේ ඒවා පිළිගැනීමයි. ශ්‍රී ලංකාවේ විලාසිතා කර්මාන්තය, විශේෂයෙන් ඉහළ වටිනාකමකින් යුත් ඇඟලූම් ඒවායේ නම්‍යශීලී බව හා නවෝත්පාදනයන් සඳහා ලොව පුරා කීර්තියක් උසුලයි. ශ්‍රී ලාංකේය ඇඟලූම් විලාසිතාවල ගුණාත්මක බව විශ්වාස කරන සිය පාරිභෝගිකයින්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගම් විසින් නව රෙදිපිළි, නූල් සහ වෙනත් ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇත.
දෙවනුව, අනාගතය සඳහා ශක්තිමත් පදනමක් දැමීමට රජය අප සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය. ඇඟලූම් කර්මාන්තය ඉදිරි අනාගතයේ දී රටට විදේශ විනිමය ලබා දෙන අත්‍යවශ්‍ය මූලාශ්‍රයක් ලෙස පවතිනු ඇත. එමෙන්ම, එය ගෝලීය ඇඟලූම් සැපයුම් දාමයේ වැදගත් කොටසක් වන අතර මෙම තත්වය අඛණ්ඩව පවත්වා ගැනීම හුදෙක් වෙළඳ බලපෑම්වලින් ඔබ්බට සමස්ත ආර්ථිකයට වාසි කිහිපයක් සඳහා හේතු වෙයි.
ශ්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට වැදගත් සාධක දෙකකි: පළමුවැන්න නම්, ගෝලීය වටිනාකම් දාමයේ ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කරන නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීමයි. මෙමගින් ශ්‍රී ලංකාවට ගෝලීය ඇගලූම් වෙළෙඳපොලේ තරගකාරීව සිටීමට උපකාරී වනු ඇත. මේ වන විට ඉතා වැදගත් එක් ගිවිසුමක් වන්නේ 2027 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇති නව GSP+ යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට හිමි වන වරප්‍රසාද රඳවා තබා ගැනීමට වගබලා ගැනීමයි. මෙහි ඇති වැදගත්කම කියා නිම කළ නොහැක. GSP+ සහ ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළුව අනෙකුත් නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) සඳහා කාලය නිර්ණය කිරීම ඉතා වැදගත් වේ. බංග්ලාදේශය සහ වියට්නාමය වැනි තරඟකාරී රටවල් මෙම අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දය තුළ ඔවුන්ගේ පක්ෂපාතී වෙළඳ ගිවිසුම් හේතුවෙන් අඛණ්ඩව දියුණු වෙමින් පවතී. එබැවින්, අපගේ ඇඟලූම් කර්මාන්තයේ සංවර්ධනයට උපකාර කළ හැකි වෙළඳපල තුළ ඇති එයට සමාන ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව වග බලා ගත යුතුය.
තෙවැන්න නම්, අමුද්‍රව්‍ය සැකසීමේදී අගය එකතු කිරීම ඉහළ නංවන එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානය වැනි ව්‍යාපෘතිවල ආයෝජන අඛණ්ඩව හා වේගවත් කළ යුතුය. අපගේ ගෝලීය තරඟකාරිත්වය ඉහළ නංවන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඉතා සූක්ෂම දිගුකාලීන සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. තවද බලශක්තිය වැනි අත්‍යවශ්‍ය සම්පත් වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සහතික කිරීම ද වැදගත් වේ.
සිව්වැන්න නම්, කොවිඞ් වසංගතයෙන් පසුව, සාම්ප්‍රදායික ගැනුම්කරු-සැපයුම්කරු සබඳතාව තවදුරටත් ප්‍රමාණවත් හෝ ප්‍රායෝගික නොවන බවට පිළිගත් මතයක් පවතී. එහි සැබෑ ස්වරූපය පිළිබිඹු කරන ආනයනකරු-හවුල්කරු සබඳතාවකට මාරුවීමක් අවශ්‍ය වේ. වෙළෙඳනාමයන් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන රටවල ඇඟලූම් කර්මාන්තවල සේවකයින් කෙරෙහි ඔවුන්ගේ වගකීම් වටහා ගන්නා ආකාරය මෙයට බලපානු ඇති අතර අපගේ හවුල්කරුවන් අපගේ සාකච්ඡුාවල අනිවාර්ය අංගයක් විය යුතුය.
පස්වැන්න නම්, අපනයන අංශයේ බාධා අවම කර විනිවිදභාවය ඇති කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා රජය සහ අපනයනකරුවන් සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය :ීඪ්ඔ* ඉවත් කිරීම මුදල් ප්රවාහයට අහිතකර බලපෑම් ඇති කරන බැවින් න්්්ත් විසින් එය රඳවා තබා ගැනීම සඳහා අඛණ්ඩව යෝජනා කර තිබේ. ීඪ්ඔ ඉවත් කිරීම බදු එකතු කිරීමේ ක්‍රමය මුදල් රහිත ගණුදෙණුවල සිට මුදල් ගෙවීම් වෙත මාරු කරනු ඇතx මෙමගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මුදල් ප්‍රවාහය වැඩි කරයිx එවිට එය අපනයනකරුවන්ට ආපසු ගෙවිය යුතුය. මෙම වෙනස අපනයනකරුවන්ගේ මුදල් ප්රවාහයට බලපෑ හැකි අතර මුදල් ආපසු ලබා ගැනීමේ ප්‍රමාදයන් ඇති කරයි. කෙසේ වෙතත්, මෙය ආදායමේ වැඩිවීමකට හේතු නොවන අතර 2025 වන විට 14% ක් වන ෂඵත් හි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම් අනුපාත :ඒං-එද-ඨෘඡු* ඉලක්කය සපුරා ගැනීමට රජයට ඇති හැකියාවට බලපාන්නේ නැත. නමුත් එය දැනටමත් මුදල් ආපසු ලබා ගැනීමේදී වසරකට වඩා ප්‍රමාදයකට මුහුණ දෙන අපනයනකරුවන් සඳහා මුදල් ප්‍රවාහ ගැටළු වඩාත් තීව්ර කරයිx
අවසාන වශයෙන්, සදාචාරාත්මක සහ තිරසාර ඇඟලූම් නිෂ්පාදනයේ අප ලබා ඇති ප්‍රගතිය අපි උපරිම ලෙස භාවිත කිරීමට බලාපොරොත්තු වෙමුx ශ්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයේ මෙම පැතිකඩ සඳහා ශ්‍රී ලංකාව දැනටමත් ලොව පුරා පිළිගැනීමට ලක්ව තිබේ. පාරිභෝගිකයින් සඳහා තිරසාරභාවය වඩාත් වැදගත් වෙමින් පවතින අතරිඵ්ාැ සබ ීරස ඛ්බන්’ නාමය සැලකිය යුතු වටිනාකමක් හිමි කරගනු ඇත. මෙය තරඟකාරිත්වයේ විශාල සාධකයක් වන අතර, මෙම ක්ෂේත්රයේ තවදුරටත් ආයෝජන සඳහා අපි කැපවී සිටිමු.