එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ එංගලන්තයට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දුයැවීම හමුවේ පන්දුවාර 33.2 කදී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 156ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ බෙන් ස්ටෝර්ක් ය. ඔහු ලකුණු 43ක් රැස් කළේය.
කලකට පසුව කණ්ඩායම හා එක්වූ ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 14 ට කඩුළු 2ක් හා ලහිරු කුමාර ලකුණු 35 ට කඩුලු 3ක් බිඳ දැමීය.
පිලිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රීලංකාව අදාළ ඉලක්කය පන්දුවාර 25.4 දී කඩුළු 2ක් දැවී හඹා යාමට සමත් විය.
එහිදී අගනා ඉනිමක් දියත් කළ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 77ක් හා ඔහුට අනගි සහායක් එක් කළ සධීර සමරවික්‍රම ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය.
එංගලන්තය වෙනුවෙන් ඩේවිඩ් විලී ලකුණු 30 කඩුළු 2යි.
තරගයේ වීරයා ලහිරු කුමාර