වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බවයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගෙවීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ප්‍රමාණයක් ඇති බව ද සඳහන් කරන ඒ මහතා මේ වනවිට දෙස් විදෙස් මුදිත මාධ්‍ය, වෙබ් අඩවි උපයෝගී කරගනිමින් ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා පළ කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.