ශ්‍රීලංකා ගුවන් සේවයේ ගුවන් ගමන්වාර කිහිපයක් ඊයේ (01) දිනයේ අවලංගු වීම හා ප්‍රමාද වීම පිළිබඳව කරුණු විමසීම සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබේ.
දිගින් දිගටම සිදුවන මේ ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසීම මෙහිදී සිදුවේ. ඒ සඳහා ශ්‍රී ලංකන් හි පාලනාධිකාරියේ නිළධාරීන් සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වීමට නියමිතව තිබේ.