වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුද්දකින් දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෛද්‍යවරයකුගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව මෙතෙක් අවුරුදු 62 වශයෙන් පැවති අතර නව තීරණයට අනුව එය අවුරුදු 63 දක්වා ඉහළ දමා තිබේ. ලැබී ඇති ඉල්ලීම් සහ සේවා අවශ්‍යතාව මත මෙම තීරණය ගෙන ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය මේ පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ගැසට් නිවේදනය නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
නෙරංජලා වික්‍රමසිංහ (දිනමිණ)