දොම්පේ ප්‍රදේශයේ පිහිටුවන ලද වෙදගම ආදර්ශ ගම්මානයේ වෙසෙන දේශීය වෛද්‍යවරුන් 25 දෙනෙකු සඳහා ලබා දී තිබුණු අක්කරයකට ආසන්න ඉඩම් සඳහා ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පාරම්පරික වෙද මහතුන්ට අත හිත දීමටත්, හෙළ වෙදකම නගාසිටු වීමටත්, විවිධ ක්ෂේත්රයන්ට දස්කම් දක්වන වෙද මහතුන්ගේ සේවය එකම ස්ථානය දී ලබා ගැනීමත් අරමුණු කොටගෙන පිහිටුවන ලද මේ ගම්මානයේ වෙසෙන පාරම්පරික වෙදමහතුන්ගේ ඉඩම් තමා සතු කරගැනීමට බාධාවක් වූයේ ඒවා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්ගේ නමට සින්නක්කරව ලබා දී තිබුණු නිසා ය.
ඒ අනුව මෙම ඉඩම් දේශීය වෛද්‍යවරුන් වෙත පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සිදුවූ අතර එම උපදෙස් ප්‍රාකාරව කැබිනට් මණ්ඩලය මේ තීරණයට එළඹ තිබේ.