කුරුණෑගල ප්රදේශයේ ඇති වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්රමාණයක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් එහි නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට තිබේ.
මින් පෙරද රජයේ වී ගබඩාවන් වලින් විටින් විට වී තොග අස්ථානගත වීම නිසා ඒ පිළිබඳව වාර්තාවක් සපයන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී තිබුණි.
ඒ අනුව කරන ලද සොයා බැලීමේදී අනාවරණය වූයේ නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු වී ගබඩා 05කින් මිලදී ගත් වී තොග අතුරුදන් වී ඇති අතර එහි වටිනාකම කෝටි 10කට අධික බව ද එම වාර්තාවේ සඳහන් වේ.