ලබන මාසයේ සිට රුපියල් 3000ක දීමනාව සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපට එකතු කරන බව, අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (15) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපයේදී, සියලුම විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක අතුරු දීමනාවක් ලබා දෙන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
විශ්‍රාමිකයින්ට දීර්ඝ කාලයක් තිස්සේ වැටුප් විෂමතාවයක් තිබෙනවා. එම වැටුප් විෂමතාවය එක් වරම විසඳන්න අමාරුයි. විශ්‍රාමිකයන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3000ක දීමනාවක් ලබා දීමට රජය තීන්දු කළා. නමුත්, මේ මස විශ්‍රාම වැටුප එළඹෙන 10 වෙනිදාට ලබා දෙනවා. එයට මෙම රුපියල් තුන්දහස ඇතුළත් වන්නේ නැහැ. එම නිසා එම රුපියල් 3000 අමතර දීමනාවක් ලෙස ලබා දීමට රජය තීන්දු කර තිබෙනවා. එම රුපියල් 3000 දීමනාව ඉදිරි දිනවලදී ලබා ගත හැකියි. ලබන මාසයේ සිට එම රුපියල් 3000 විශ්‍රාම වැටුපට එකතු වෙනවා.