ශ්‍රී ලංකාවේ බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 89,085ක පුද්ගලයින් 306,934ක් පීඩාවට පත්ව ඇති බවත් මෙම තත්වයෙන් දිස්ත්‍රික්ක 19කට බලපෑම් එල්ල වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
යාපනය දිස්ත්‍රික්කයට මෙමඟින් වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර, එම ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයෙන් පුද්ගලයින් 70,408 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ 49,693ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 33,549ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ 29,508ක් ආදී ලෙස පුද්ගලයින් පීඩාවට පත්ව තිබේ.