දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ පිළිබඳ ව අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, මේ වනවිටත් මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම සිදු කෙරෙන්නේ මුර ක්‍රමයකට බවයි.
කුරුණෑගල නගරයේ ජල සැපයුම ද සීමා කිරීමට සිදුව ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.