ලංකා විදුලි බල මණ්ඩලය පෙර දී සිදුකරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන මහජන උපයෝගීතා කොමිසම විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අද (20) අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව,
ඒකක 0 – 30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩි කෙරේ. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි.
ඒකක 31 – 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වා වැඩිවී තිබේ. එම කාණ්ඩයට අදාළව විදුලි ඒකකයක මිල රුපියල් 30කි.
ඒකක 61 – 90 ක් අතර රු. 400 සිට රු.480 දක්වාත්, 91 – 120ත් අතර රු.1,000 සිට රු.1,180 දක්වාත්, ඒකක 121 – 180ත් අතර රු.1,500 සිට රු.1,770 සහ ඒකක 180 කට වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබේ.
එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට ලබන වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.