හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන විජිත් විජයමුණි සොයිසා මහතා භාවිතාකළ ජීප් රථය ද එකළස්කළ රථයක් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ජීප් රථය වලාන දූෂණ මර්දන ප්රහාරක ඒකකය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 5වනදා හපුතලේ ප්රදේශයේදී සිය භාරයට යනු ලැබීය.
ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔවුන් බණ්ඩාරවෙළ අධිකරණයට කරුණු දක්වා ඇත.
ඒ අනුව විජිත් විජයමුණි සොයිසා මහතාට මේ පිළිබඳ ප්රකාශයක් ලබාදීම සඳහා ඊයේ (14) වලාන දූෂණ මර්දන ප්රහාරක ඒකකය පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇත.
ඒ සඳහා ඔහු නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් ඉදිරිපත් වී තිබේ.
කෙසේ නමුත් එහිදී ඔහුගෙන් කළ ප්රශ්න කිරීම් අතරතුරදී ඔහු හදිසි අසනීප තත්ත්වයකට ලක්ව ඇත.
ඒ හේතුවෙන් කරුණු දැක්වීම සඳහා ඔහුට වෙනත් දිනක පැමිණෙන ලෙස දැනුම් තිබේ.