2018 වසරේ දී LTTE සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්රකාශයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වර්න් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (19) නියම කළේය.
ඒ එම සිදුවීමට අදාළ පැමිණිල්ල කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් ඉදිරියේ කැදවූ අවස්ථාවේ දී ය.
මෙම සැකකාරියට එරෙහිව නඩු පැවරීමට තරම් ප්රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා විසින් මීට පෙර පොලීසියට උපදෙස් දී තිබූ බව පොලීසිය අධිකරණයට වාර්තා කොට තිබුණි.