ඊයේ (10) ගණ පූරණය නොමැති වීම නිසා අද (11) දක්වා කල් තැබුණු වැට් බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය නැවතත් අද දිනයේ විවාදයට ගැනීමට නියමිත ය.
මෙම පනත් කෙටුම්පත අද දිනයේ සම්මත කරගැනීමට නොහැකි වුවහොත් IMF දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව ලබාදෙන මුදල් ද අහිමිවීමේ අවදානමක් මේ වනවිට මතුවී තිබේ.
ඒ අනුව පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව සඳහන්ය.