ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ ඇතිවී ඇති දරුණු වායු දූෂණය හේතුවෙන් එරට ප්‍රාථමික පාසල් දින දෙකක කාලයකට වසා තැබීමට දිල්ලි බළධාරීන් කටයුතු කොට තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා සිට දිල්ලි වායු දූෂණය ඉහළ ගිය අතර මේ වනවිට එය ක්‍රමයෙන් උච්ච අතට හැරෙමින් පවතී. විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි මේ තත්වය ඉදිරි සති දෙකෙදී තවත් දරුණු විය හැකිය.
ඇතිවී ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දිල්ලි පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබේ.