ලෝ ප්‍රකට රොක් සංගීත කණ්ඩායමක් වූ ‘ද බෑන්ඩ්’ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයා මෙන්ම නායකයාද වූ රොබී රොබර්ට්සන් (80) ඊයේ දින අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ කළමණාකාරවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් දැනුම් දී සිටියේය.
මෙම සංගීත කණ්ඩායම 1960 දශකයේ අග භාගයේ ඉතා ප්‍රබල කණ්ඩායමක් වූ අතර 1978 ඔවුන්ගේ සමුගැනීමේ ප්‍රසංගය මාටින් ස්කෝර්සෙස්ගේ චිත්‍රපටයක් වන “ද ලාස්ට් වෝල්ට්ස්” ට වස්තු බීජ විය.
The Weight සහ The Night They Drove Old Dixie Down ද ඇතුළුව ඔවුන්ගේ ප්‍රසිද්ධම ගීත රොබට්සන්ගේ අතින් ලියවුණු ඒවාය.
1943 දී ටොරොන්ටෝ හිදි ජෙයිම් රෝයල් රොබට්සන් ලෙස උපත ලැබූ ඔහු වයස අවුරුදු 16 දී සංගීතය සම්බන්ධ වෘත්තියක් කිරීමට සඳහා නිවසින් පිටව ගියේය.
1968 නිකුත් කරන ලද ඔවුන්ගේ පළමු ඇල්බමය වන Music From Big Pink හි සාර්ථකත්වයට පෙර Bob Dylan ගේ පසුබිම් සංගීත කණ්ඩායම ලෙස කරනා සංචාරයන් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීය.
1970 දශක වලදී ඔවුන් ජනප්‍රිය ඇල්බම් මාලාවක් නිකුත් කළ අතර, 1976 දී ඔවුන්ගේ අවසන් සංගීත සංදර්ශනය සම්පූර්ණ සංගීත කණ්ඩායමක් ලෙස වාදනය කිරීමෙන් පසුව, 1980/90 දශක වලදී රොබට්සන් නොමැතිව විවිධ සංචාර සහ චිත්රාගාර නිකුතූන් සඳහා නැවත වතාවක් එකට එක් විය.
යතුරුපුවරු වාදක ශිල්පී ගාර්ත් හඩ්සන් සමඟ රොබට්සන් ද ‘ද බෑන්ඩ්’ හි සම්භාව්‍ය පෙළගැස්මේ ඉතිරිව සිටින සාමාජිකයන් දෙදෙනෙකුගෙන් කෙනෙකි.
අභාවප්‍රාප්ත වන විට ඔහු දීර්ඝ කාලීන අසනීප තත්වයෙන් පෙළුණු බව ද විදෙස් මාධ්‍ය වල සඳහන් ය.
රසිත ජයවීර