අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ලිට්රෝ සමාගමේ මේ වනවිට පැවැත්වෙමින් ඇති මාධ්‍ය හමුවට එක් වෙමින් එහි සභාපති මුදිත පීරිස් මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව වැඩි වූ මිල ගණන් සහ නව මිල ගණන් පහත පරිදි වේ.
* කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රු.145 කින් වැඩිවන අතර නව මිල රු.3,127 වේ.
* කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු.58 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු.1,256 කි.
* කිලෝ ග්‍රෑම් 2.3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු.26 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු.587 ලෙස සඳහන් වේ.