මේ වනවිට රටේ ආන්දෝලනයට තුඩු දී ඇති ලයිකා සමාගමේ හිමිකාරීත්වය දරන අල්ලිරාජා සුභාශ්කරන් ඊයේ (20) දිවයිනට පැමිණියේය. පසුගිය සතියේ ඇමති බන්දුල ගුණවර්ධන අයි නාලිකාව ලයිකා සමාගමට කෙටි කාලීන පදනම මත් බදු දෙන බවට සිදුකරන ලද ප්රකාශය ඔහුගේ මේ ගමනට නිමිත වී තිබේ.
එක්සත් ජනපදය මූලික කොටගෙන සිය මෙහෙයුම් කටයුතු සිදුකොටගෙන යන ලයිකා සමාගම වත්මන වනවිට ඉන්දියාව හා ශ්රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ සිය මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යයි. මෙම සමාගම 2021 සිට එල් පී එල් හි යාපනය කණ්ඩායමේ හිමිකාරීත්වය ද දරයි.