මේ වසරේ දී ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව යටිතල පහසුකම් හා වතු සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසයි. ඔහු මේ බව පැවසූවේ ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නමුත්, 2024 ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල ගාස්තු සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය උනන්දුවෙන් සිටිනා බව වැඩිදුරටත් පැවසීය.
අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුවූයේ මේ වසරේ අගෝස්තුවේ දී බව පවසන හෙතෙම මැතිවරණය ඉලක්ක කරගනිමින් ජල සූත්‍රයක් ගෙන එන බවට සමාජයේ පැතිරී යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බව එයටම තවත් යමක් එකතු කරමින් පැවසීය.