සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් එක්ව ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට දිවයින පුරා රෝහල් රැසක සේවා අඩපණ වී තිබේ.
මේ හේතුවෙන් රෝහල් වල සේවාවන් බාධාවකින් තොරව සිදුකරගෙන යාම සඳහා යුධ හමුදා භට පිරිස් යෙදවීමට පියවර ගෙන තිබේ.
ඒ සෞඛ්‍ය අමාත්‍යංශය යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගෙන් කළ ඉල්ලීමකට අනුවය.
ඒ අනුව කොළඹ , මහනුවර, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය , කුරුණෑගල , මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම යන රෝහල් වෙත මේ වනවිට යුධ හමුදාව අනියුක්ත කොට තිබේ.
වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළ දැමීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති දෙදින වැඩ වර්ජනයක් ඊයේ (10) ආරම්භ කළ අතර එම වැඩවර්ජනයට අද (11) තවත් වෘත්තීය සමිති එකතු විය.