බ්‍රිතාන්‍ය රජ පවුලේ තොරතුරු ලොවට සපයන ඔවුනට අයත් නිල වෙබ් අඩෙවිය ඊයේ (01) දිනයේ දී බිඳ වැටීමට ලක්ව තිබේ. විදෙස් මාධ්‍යවල දැක්වෙන පරිදි රුසියානු හැකර් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයකින් මේ බිඳ වැටීම සිදුව තිබේ.
මේ හේතුවෙන් පැය එක හමාරක කාලයක් වෙබ් අඩෙවිය අක්‍රීය තත්වයේ පැවැති අතර වෙබ් අඩෙවිය හා සම්බන්ධ වීමට සාමාන්‍ය ප්‍රවේශ වීමට වඩා වැඩි ආරක්ෂණ පද්ධතියක් ඔස්සේ ගමන් කිරීමට සිදුවීම මෙම සයිබර් ප්‍රහාරයේ කැපී පෙනෙන ලක්ෂණය වේ.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ හා පරිගණක විද්‍යාඥයින් එක්ව එය යථා තත්වයට පත් කළ නමුත් බංකිංහැම් මාළිගාව මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කරයි.
රසිත ජයවීර