රාජ්‍ය සේවකයින් කාර්යාල ගතව සේවය කරනා වේලාව පිලීබඳව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යංශය චක්‍රලේකයක් මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයි උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා රාජකාරියේ යෙදීම අනිවාර්ය කොට තිබේ. එහි වැඩිදුරටත් දක්වා ඇති පරිදි රාජ්‍ය ආයතන මුදල් ගනුදෙනු සඳහා පස්වරු 3 වන තෙක් විවෘතව තැබීම අනිවාර්ය කොට තිබේ.
රාජකාරී කාලය තුළ සියලුම රාජ්‍ය සේවකයින් සිය කාර්යාලීය හැඳුනුම්පත පැළඳ සිටීම හා නිල ඇදුම් දීමනා හිමි සියලුම දෙනා එම කාලසීමාව තුල නිල ඇඳුමින් සැරසී සිටීම ද මේ අනුව අනිවාර්ය කොට තිබේ.
මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනයේ දී ආයතනයේ පහළම නිළධාරියාගේ සිට අමාත්‍යංශ ලේකම්වරයා දක්වා සෑම නිළධාරියෙකුම අදාළ ආයතනයේ රැඳී සිටීම අනිවාර්ය බව අදාළ චක්‍රලේකයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි. අසනීප තත්වයක් හෝ නොවැළක්විය හැකි හේතුවක් මත හැර වෙනත් කිසිම හේතුවකට නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානියා වගබලා ගත යුතුය.
රාජ්‍ය සේවයකයින් හා ආයතන වල ක්‍රියාකාරීත්වය පිළිබඳව මහජනතාවගෙන් දිනපතා ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.