•ඇමරිකානු සන්නද්ධ රථ ද ඊශ්‍රායලයට
ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව යුධ ප්‍රකාශ කොට අදට දින 14ක් ගෙවී අවසන් ය.
පසුගියදා ඇමරිකානු ජනපති ඊශ්‍රායලයට පැමිණි අතර ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම උදව්වක්ම ලබා දෙන බව ප්‍රකාශ කළේය.
ඊයේ (19) තවත් ලෝක බලවතෙකු වන බ්‍රිතාන්‍ය අගමැති රිෂී සූනක් ද ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු තම රාජ්‍යය ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටිනා බව ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට ප්‍රකාශ කළේය.
මේ අතර ගාසවේ අත්‍යාවශ්‍ය ආහාර , බෙහෙත් හා සනීපාරක්ෂක පහසුකම් ඉතාමත් වේගයෙන් අවසන් වෙමින් පවති. පසුගියදා රැස්වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තීරණය කළේ දෙරටේ ම හමුදාවන් තාවකාලික සටන්විරාමයකට ප්‍රවිෂ්ට විය යුතු බවත් ඒ කාලයේ දී ගාසාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබා දිය යුතු බවත් ය.
නමුත් එලෙස ගෙනෙන ලද යෝජනාව ඇමරිකාව සිය නිශේධ බලය භාවිතා කරමින් ප්‍රතික්ෂේප කළහ.
තවද ඊශ්‍රායලය පැවසූවේ, තම භූමිය මතින් ගසාවට මානුෂීය ආධාර සැපයීමට කිසි ලෙසකින්වත් අවස්ථාව ලබා නොදෙන බවයි.
මේ හේතුවෙන් ගාසාවට මානුෂීය ආධාර සැපයීමට ඊජිප්තුව අඩියක් ඉදිරියට තැබූ අතර ඔවුන් ගාසා දේශ සීමාව හා ඊජිප්තුව යා වෙන රෆාර් පැන්නුම පිළිසකර කිරීම ආරම්භ කොට තිබේ. මෙමගින් ඔවුන් පලස්තීනයට සහාය දක්වන මැදපෙරදිග රටවල් හා එක්ව ඉතා ඉක්මනින් ගාසාවට මානුෂීය ආධාර යැවීමට බලාපොරොත්තු වෙයි.
මේ අතර ඊශ්‍රායලයෙන් එල්ල කරන ලද ප්රහාරයන් හමුවේ ජිහාඩ් මෙහිසෙන් නම් හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියා මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරයේ, ග්‍රීක ඔර්තඩොක්ස් පල්ලියක් පිහිටි භූමියකට එල්ලවූ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 500ක් පමණ මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ මෙම පල්ලිය ලොව පැරණිතම පල්ලීන් වලින් එකක් බවය.
මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මත යුද ගැටුම් අතරතුර, ඉරාකයේ සහ සිරියාවේ ස්ථානගත කර තිබූ අමෙරිකානු හමුදා ඉලක්ක කර ගෙවුණු දින කිහිපයේදී ප්‍රහාර එල්ල වූ අතර එය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකානු සන්නද්ධ රථ ඊශ්‍රායලය වෙත යැවීමට ඇමරිකාව තීරණය කර තිබේ.
ඒ අනුව, ඇමෙරිකාව විදෙස් රටවල සිටින සිය පුරවැසියන් සඳහා අනතුරු ඇඟවීම් ද මේ වනවිට නිකුත් කර තිබුණේ එවන් පසුබිමකය.
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක ආරක්ෂාව තර කිරීමට බළධාරීන් කටයුතු කර තිබේ.
රසිත ජයවීර