රට තිරසර ආර්ථිකයක් හා තාක්ෂණයක් කරා ගෙන යෑමට සක්‍රීයව දායක වීමට එක්වන ලෙස ජනපති පුද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරණ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක්වෙමිනි.
ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය ආරම්භ කරමින් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 11, 12, 13 යන දිනයන් හි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.