2023 විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගත් නිකර්ගුවාවේ ෂේනිස් පලාසියොස් ට එරට පාලකයන්ගෙන් කෙනෙහිලිකම් එල්ල වෙමින් පවතී.
එල් සැල්වදෝරයේ පැවැති ලෝක විශ්ව රූ රැජිණ තරගාවලියේ දී කිරුළ දිනාගනිමින් ෂේනිස් නිකරගුවාවට මහත් ගෞරවයක් රැගෙන ආවත් දැන් එරටින් එල්ල වන බලපෑම හමුවේ ඇය මේ වනවිට මෙක්සිකෝවේ රැඳී සිටී.
මෙයට හේතුව වී ඇත්තේ, වාමාංශික නායකයෙකු වන එරට ජනපති ඩැනියෙල් ඔටේගාට විරුද්ධව 2018 දී රට තුළ මතුවූ විරෝධතා ව්‍යාපාරයක් නිසා ය. එම ව්‍යාපාරය ඔහු දරුණු ලෙස මර්ධනය කරන ලද අතර එහිදී එහිදී විරෝධතාකරුවන් 300ක් පමණ මරණයට පත් විය. මේ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ එක් අයෙකි ෂේනිස්.
ඇය විශ්ව රූ රැජිණ වීමෙන් පසුව එම විරෝධතා ව්‍යාපාරයන් හීදී සටන් පාඨ කියමින් විරෝධය දක්වන ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ එරට රජය විසින් ඇයට කෙනෙහිලිකම් එල්ල වන්නට විය.
මේ නිසා නැවත ඇයට ඇගේ මව් රටට යාම ගැටළුවක් වී තිබේ.