ඊයේ ආරම්භ වූ 2023 රග්බි ලෝක කුසලානයේ ප්රබල නවසීලන්ත All Blacks පිළ ලකුණු 27-13ක් ලෙස පරදා ප්රබල ජයක් ලැබීමට සත්කාරක ප්රංශ කණ්ඩායම අද (09) අලුයම සමත්විය.
දහස් ගණනක් වූ නවසීලන්ත හා ප්රංශ ප්රේක්ෂකයන් ඉදිරියේ Stade de France ක්රීඩාංගණයේ දී දිග හැරුණු රග්බි ලෝක කුසලානයේ පළමු තරගය ආරම්භයේ සිටම දෙපිළම ආක්රමණශීලී තරග රටාවක නිරත වනු දක්නට ලැබිණි. තරගයේ අර්ධ දෙකෙහිම ආරම්භක මිනිත්තු කිහිපයේ දී All Blacks වින්ග් ක්රිඩක මර්ක් තෙලෙ(අ) විසින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර නවසීලන්තය වෙනුවෙන් මොවුන්ගා දඩුවම් පහරක් සාර්ථක කර ගන්නා ලදී.
කෙසේ වූවද ප්රංශ ක්රීඩක තෝමස් රාමෝස්ගේ සාර්ථක දඩුවම් පහර සහ ඩේමියන් පෙනෝඩ්ගේ උත්සාහක දිනුම් All Blacks ජයග්රහණ සිහිනය බොඳ කර දැමීය.
All Blacks ක්රීඩකයන් ලද මේ පරාජය ඉතිහාසගත වන්නේ රග්බි ලෝක කුසලාන තරගයක මූලික වටයේ ඔවුන් ලද පළමු පරාජය ලෙසය.
ප්රංශය ඔවුන් ලබා ගත් ලකුණු 27 සඳහා උත්සාහක දිනුම් 2ක්, දඩුවම් පහර 5ක් හා ප්රවර්ධනයක් සාර්ථක කරගත් අතර නවසීලන්තය සිය ලකුණු 13 උත්සාහක දිනුම් 2ක් හා දඩුවම් පහරක් මඟින් සාර්ථක කර ගත්හ.
රසිත ජයවීර