රග්බි ලෝක කුසලානයේ ප්රංශ – නවසීලන්ත සමාරම්භක තරගයෙන් පසුව තවත් තරග කිහිපයක් පසුගිය දෙදින තුළ පැවැත්විණ. එම තරග වල සාරාංශයන් පහත පරිදි මෙසේය.
ඉතාලිය හා නැම්බියාව අතර තරගයෙන් ඉතාලිය ලකුණු 52 – 08 ජයක් ලැබීය. එහිදී ඔවුන් උත්සාහක දිනුම් 7ක්, ප්රවර්ධන 7ක් හා දඩුවම් පහරක් සාර්ථක කරගැනීම මගින් එම ලකුණු 52 වාර්තා කළහ.
අයර්ලන්තය හා රුමේනියාව අතර තරගයෙන් අයර්ලන්තය ලකුණු 82 – 08 ක පහසු ජයක් ලැබීය. එහිදී අයර්ලන්තය උත්සාහක දිනුම් 12ක් වාර්තා කිරීම කැපී පෙනුණු අතර තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ දී ප්රවර්ධන ගෝල 11ක් ද වාර්තා වී තිබුණි.
එංගලන්තය හා ආජන්ටිනාව අතර තරගයෙන් එංගලන්තය 27 – 10 ක ජයක් ද, ජපානය හා චිලී අතර තරගයෙන් ජපානය 42 – 12 ක ජයක් ද ලැබීය.
ඊයේ සවස පැවැති ස්කොට්ලන්ත – දකුණු අප්රිකා තරගයෙන් දකුණු අප්රිකාව 18 -03 ක ජයක් ලැබීය.
රසිත ජයවීර