වසර තිහකට අධික කාලයක පටන් සුවහසක් ශ්‍රී ලාංකේය මව්වරුන්ගේ නොමද විශ්වාසය දිනූ මැලිබන් කිරි ආයතනය, සිය නිෂ්පාදන නව ඇසුරුමකින් එළිදැක්වීමට පසුගියදා පියවර ගත්තේ ය. පරම්පරා ගණනාවක් පුරාවට ලාංකිකයින් යහගුණදමින් පෝෂණය කළ මැලිබන් සමූහ ව්‍යාපාරයේ විශ්වසනීය සන්නාමයක් වන මැලිබන් කිරි සන්නාමය මෙම නව ඇසුරුම හඳුන්වා දුන්නේ සිය පාරිභෝගිකයින්ගේ රුචිකත්වයට වැඩි අගයක් ද එකතු කරමිනි. මැලිබන් කිරි සන්නාමයේ විශ්වාසයි අම්මා තරම්’ යන පාඨයේ නොබිඳෙන විශ්වාසයද, මැලිබන් කිරි සන්නාමයේ අසමසම විශිෂ්ටත්වය ද මෙම නව උපායමාර්ගික එළිදැක්වීම හරහා තවදුරටත් ස්ථාපනය වූ අතර එමගින් පුළුල් පාරිභෝගික ආකර්ෂණයක් නිතැතින්ම හිමිවනු ඇත.
යහගුණයෙන් ඉදිරියට යන මැලිබන් සමූහ ව්‍යාපාරයේ වසර 70ක අභිමානය ලංකාව පුරා රැව්පිළිරැව් දෙන මොහොතක මෙම මැලිබන් කිරි සන්නාමයේ නව ඇසුරුම්කරණය එළිදැක්වීම සුවිශේෂී කොට සැලකිය හැකිය. මෙරට මව්වරුන්ගේ පමණක් නොව බාලමහලු සියලු දෙනාගේම නිබඳ විශ්වාසයට පාත්‍ර වී සිටින මැලිබන් කිරි වෙතින් ගුණාත්මක බවින් සහ පෝෂ්‍ය ගුණයෙන් අනූන වූ නිෂ්පාදනයන් වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ද ඉහළ ජනප්රියයත්වයක් උසුලයි.
මෙම වැදගත් අවස්ථාවට සම්බන්ධ වූ මැලිබන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා මෙලෙස පැවසීය. ‘’මෙම එළිදැක්වීම හුදෙක්ම නව පෙනුමකින් ඔබ්බට ගිය විශ්වාසවන්ත කර්තව්‍යක් වන අතර, කිසිඳු සැකයකින් තොරව ශ්‍රී ලාංකේය මව්වරුන්ට විශ්වාසයෙන් යුතුව මිලදී ගත හැකි නිෂ්පාදන පිරිනැමීමට මැලිබන් සමාගම දක්වන නොමද කැපවීම යළි යළිත් තහවුරු කරනු ලබනවා. මැලිබන් කිරි කියන්නේම වසර තිහකට වැඩි කාලයක් පුරාවට ගුණාත්මක බවේ සංකේතයක් වූවා සේම සෞඛ්‍යට හිතකර වූ රසවත් තේ කෝප්පයකින් දවස ආරම්භ කිරීමේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායට තදින්ම කා වැදුණු නිෂ්පාදනයක්. අපේ නිෂ්පාදන කෙරෙහි පරම්පරා ගණනාවක් තබා ඇති විශ්වාසය ඉදිරියටත් රැක ගනිමින්, එහි ඉහළම ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රමිතිය තහවුරු කරමින් අඛණ්ඩව කටයුතු කිරීමට අපි වග බලා ගන්නා බව ඉතා ආඩම්බරයෙන් පැවසීමට කැමතියි”
ශ්‍රී ලංකාවේ දේශීය කිරිපිටි පරිභෝජනය ක්‍රමිකව ඉහළ ගොස් ඇති අතර, මිලියනකට අධික පවුල් සංඛ්‍යාවක් දේශීය කිරිපිටි පරිභෝජනය සඳහා නැඹුරු වී ඇති බවට මෑතකාලීන කර්මාන්ත වාර්තාවන් පෙන්වා දෙයි. මැලිබන් කිරි සන්නාමයෙහි නව ඇසුරුම්කරණ වැඩපිළිවෙළ ඔස්සේ එම ධනාත්මක වෙනසට නව රැකුලක් එකතු කරමින් දේශීය කිරිපිටි පරිභෝජනය සඳහා ලාංකිකයින් තව තවත් පෙළඹවීමට හැකිවනු ඇති බව මැලිබන් ආයතනයේ විශ්වාසයයි.
තවදුරටත්, මෙම අවස්ථාවට සම්බන්ධ වූ Open Country Dairy හි ප්‍රධාන වෙළඳ නිලධාරී Andrew Mc Cutcheon මහතා මැලිබන් ආයතනය සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය පිළිබඳ සිය අදහස් පළ කරමින් සඳහන් කළේ “නවසීලන්තය තුළ අප අගය කරන විශ්වාසදායී සහ ගුණාත්මක වටිනාකම් මැලිබන් කිරි නිෂ්පාදන තුළින් මනාව නිරූපණය වෙනවා. ප්‍රමිතිගත කිරි නිෂ්පාදන ක්ෂේත්රයෙහි අඛණ්ඩව පෙරමුණ ගෙන සිටින සන්නාමයක් සමඟ මෙම වැදගත් අවස්ථාවේදී අත්වැල් බැඳගන්නට ලැබීම අපට ඉමහත් ගෞරවයක් බවයි.”
පුරා වසර 70ක සිට ලාංකික පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතාවන් වෙනුවෙන් හොඳම සහ විශ්වාසවන්තම නිෂ්පාදන පිරිනමන මැලිබන් සමූහ ව්‍යාපාරය, ආයතනික සමාජ වගකීම් සංකල්පය ඔස්සේ සිය සන්නාමයෙහි ළෙන්ගතුකම මනාව පෙන්නුම් කරමින් ‘මැලිබන් කිරි අභයදානය’ ව්‍යාපෘතිය හරහා දේශීය කිරි ගොවියන් සහ ඔවුනගේ පවුල් සවිබල ගැන්වීමටත් දායක වේ.
ඉහළම ප්රමිතීන් රැක ගනිමින්, මැලිබන් සමාගම ISO 9001, ISO 22000, FSSC 22000, GMP, HACCP සහ SLS ඇතුළු කීර්තිමත් සහතික රැසක් හිමි කරගෙන ඇති අතර, ගුණාත්මකභාවය සඳහා සමාගමේ නොසැලෙන කැපවීම එමගින් තහවුරු කරනු ලබයි. මෙකී සියලු ජයග්රහණයන් තුළින් මැලිබන් සමාගමෙහි විශිෂ්ට අභිමානය ප්‍රදර්ශනය වනවා පමණක් නොව මෙරට තරඟකාරී කිරි නිෂ්පාදන කර්මාන්තය තුළ අනාගතයේ උදාවන අවස්ථාවන් අත්පත් කර ගනිමින් ලාංකික පාරිභෝගිකයින් වෙත ගුණාත්මක නිෂ්පාදනයන් පිරිනැමීම සඳහා වන සිය සූදානමද මනාව සංකේතවත් කරනු ඇත.