ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සමඟ පසුගියදා පැවැති තරගයේ දී ලද අවමන් සහගත පරාජයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බළධාරීන් සැවොම ඉල්ලා අස්විය යුතු බවට සමාජයෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන මෙම ඉල්ලා අස්වීම සිදුව තිබේ.
කාලාන්තරයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් කාර්ය මණ්ඩලය හා ක්‍රීඩකයන් අතර පැවැති මත ගැටුම පසුගියදා ඉන්දියානු තරග පරාජයත් සමඟ උග්‍ර අතට පත් වී තිබේ.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ක්‍රිකට් බළධාරීන් ඉල්ලා අස් නොවන්නේ නම්, ඒ සඳහා දැඩි තීරණයක් ගැනීමට තමා සූදානම් බවයි.