පසුගියදා මොරොක්කෝවේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 2000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
භූකම්පනයෙන් පැය 48ක් ගෙවී ගොස් ඇති නමත් තවමත් ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිරවූ පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් වල නිරතව සිටී.
පෘථිවි අපිකේන්ද්‍රය ආසන්නයේ පිහිටි කඳුකර ගම්මානයක් වන මෙය නටබුන් වී ඇති අතර එහි සිටි බොහෝ ප්‍රදේශවාසීන් ආධාර බලාපොරොත්තුවෙන් සිටිති
මොරොක්කෝ රජය පවසන්නේ මේ වන විටත් බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හතරෙන් ආධාර ලබාගෙන ඇති බවයි.
මොරොක්කෝ ඛේදවාචකය වන අවස්ථාවේ දී G20 සමුළුවට සහභාගී වෙමින් සිටි රාජ්‍ය නායකයන් මොරොක්කෝවට සිය ශෝකය ද ප්‍රකාශ කොට තිබුණි.
රසිත ජයවීර