AESL ඩොලර් බිලියන 3ක සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක් දිනාගනියි
සංස්කාරක සාරාංශ
- මෙම ව්‍යාපෘතිය මඟින් 6 GW පුනර්ජනනීය බලශක්තියක් නිපදවනු ඇත
- AESL ඇණවුම්වල වත්මන් සමස්ත එකතුව ඩොලර් බිලියන 6.5කි
- AESL විසින් මෙම ව්‍යාපෘතිය වසර 4.5කින් Boot (ඉදිකිරීම, හිමිකම, මෙහෙයුම් සහ මාරු කිරීම) යන පදනම මත අවසන් කෙරෙනු ඇත
- AESL වත්මන් සම්ප්‍රේෂණ රැහැන් 25,778 ckm සහ පරිවර්තන ධාරිතාව 84,186 MVA වනු ඇත
අහමදාබාද්, 2025 ජනවාරි 21: Adani Energy Solutions Ltd (AESL), ඉන්දියාවේ විශාලතම සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ සමාගම වන අතර ගෝලීය වශයෙන් ද විවිධාංගීකරණය කළ සේවා රැසකින් සමන්විත සමූහයකි. HVDC (අධි වෝල්ටීය ඍජු ධාරා) පාදක බලශක්ති සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක් සඳහා ඩොලර් බිලියන 3ක අති දැවැන්ත ව්‍යාපෘතියක් දිනාගන්නට AESL සමාගමට හැකි වී ඇති අතර මෙය මේ දක්වා දිනාගත් දැවැන්තම ඇණවුම ද වේ. මේ අනුව සමස්ත ඇණවුම් වටිනාකම ඩොලර් බිලියන 6.5ක් වන අතර සම්ප්‍රේෂණ ජාලය 25,778 ckm (පරිපථ කිලෝමීටර්) සහ සම්ප්‍රේෂණ ධාරිතාව 84,186 MVAක් වේ.
AESL මෙම ව්‍යාපෘතිය ජයග්‍රහණය කර ඇත්තේ තීරුබදු පාදක තරඟකාරී ලංසු (TBCB) ක්‍රමවේදය යටතේය.
මෙම ව්‍යාපෘතියට 6GW HVDC පද්ධතියක්, ~2400 ckm දිගින් යුතු සම්ප්‍රේෂණ රැහැන් සහ 7500 MVA සම්ප්‍රේෂණ ධාරිතාවක් ස්ථාපනය කිරීම ඇතුළත්වේ. මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ විවිධ පුනර්ජනනීය බලශක්ති කලාපවලින් ලබා ගන්නා 6 GW බලශක්තිය උතුරේ ඉල්ලුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කිරීම සඳහා උපකාරී වේ. AESL විසින් වසර 4.5කින් ව්‍යාපෘතිය නිම කොට භාර දීමට නියමිතය.
“රටේ වාසයට වඩාත්ම නුසුදුසු ප්‍රදේශවලින් පුනර්ජනනීය බලශක්තිය කාර්යක්ෂම ලෙස උපදවා ගනිමින් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම මඟින් AESL ඉන්දියාවේ ප්රතිකාබනීකරණ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු කාර්යයක් ඉටු කරනවා. ව්‍යාපෘතිය නියමිත වේලාවට සහ අවම පාරිසරික බලපෑමකින් යුතුව නිම කිරීම සඳහා අපි නවතම තාක්ෂණය සහ භාවිතයන් යොදාගැනීමටත් බලාපොරොත්තු වෙනවා” AESL ප්‍රධාන විධායක නිලධාරි කන්දර්ප් පටෙල් පැවසීය. මෙය AESL හි තෙවැනි HVDC ව්‍යාපෘතිය වන අතර, දිගු දුර සහ කාණ්ඩ බලශක්ති සම්ප්‍රේෂණය සඳහා වන පද්ධතියකි. එය දැනටමත් එක් ව්‍යාපෘතියක් අවසන් කර ඇති අතර තවත් ව්‍යාපෘතියක් නිම කිරීමට ආසන්න මට්ටමේ පවතී. AESL යනු පෞද්ගලික අංශයේ HVDC ජාල නිර්මාණය සඳහා සිටින එකම සැපයුම්කරුවා වීම ද විශේෂත්වයකි.