ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව සාක්ෂි කැඳවීමකින් තොරවම ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (02) නියෝග කෙරිණි.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර ඒවා බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් එම නියෝගය ලබා දෙමින් සඳහන් කළේය.
එමෙන්ම මේ වනවිට අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්රභාත් කරුණාජීව සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ද විනිසුරුවරයා මෙහිදී දැනුම් දී තිබේ.