ජපානයේ මුදල් ඇමති ෂුනිකි සුසුකි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඒ මහතා ජනවාරි මස 11 හා 12 යන දෙදින මෙරට සංචාරය කිරීමට නියමිත බව ජපන් තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම සංචාරයේ දී ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ජනපතිවරයා හා සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන් වේ.