මුදල් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ දෙවන මහලේ ගින්නක් හට ගෙන තිබේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි යැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ සැක පළ කරයි.
ඔහු සඳහන් කරන ආකාරයට, මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ එකක් සහ ජල බවුසර් එකක් යෙදවූ බවත් ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.