මිල්කෝ සමාගමේ සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් කාර්යාලයේ සිරකරගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13න් දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (26) නියෝග කළහ.
ඔවුන්ට එරෙහිව එල්ල වූ චෝදනාව වන්නේ මිල්කෝ සමාගමේ සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය බලහත්කාරයෙන් සිරකර තබා ගැනීමයි.