බුරුම රජය විසින් බෙල්ලන්විල රජ මහා විහාරයට පරිත්‍යාග කරන ලද “මියන්කුමාර” ඇත් පැටවා වහා නිදහස් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
2013 වසරේ බුරුම රජය විසින් පරිත්‍යාග කරන ලද අදාළ ඇත්පැටවා විවිධ වධ හිංසාවට භාජනය වන බැවින් ඔහු වහා නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සම තුළින් නඩු නිමිත්තක් තහවුරු කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවය.