මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබේ.
විශ්‍රාමික අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතීත්තවයෙන් යුතු අදාළ කොමිෂන් සභාව පසුගිය ඔක්තොම්බර් 16 වනදා ජනපති නියමයෙන් පත් කෙරිණි.
එහිදී මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳ සොයාබැලීම සඳහා එම කොමිසමට පැවරී තිබු අතර ඊයේ (02) නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් කොමිෂන් සභාවේ විෂය ක්ෂේත්රය තවදුරටත් පුළුල් කර තිබේ.
ඒ අනුව එහි කාර්යයන් කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකරගැනීම සඳහා කාමයිල් වියර් ඩේවිඩ් කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
බහු පක්ෂ ක්‍රමය ශක්තිමත් කිරීම, දේශපාලන පක්ෂ සඳහා මහජන අරමුදල් සැපයීම, දේශපාලන පක්ෂ සාමාජිකයන් වෙත නායකත්වයේ වගවීම, මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා දරණු ලබන වියදම් අඩුකිරීම ද කොමිසම මගින් සොයාබැලීමට නියමිතය.