මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ලබා දී තිබූ කාලය මේ වන විට අවසන් වී තිබෙනවා.
ඒ අනුව මහ මැතිවරණ නිහඬ කාලය තුළ සියලු ආකාරයේ දේශපාලන ප්‍රචාරණ සම්පූර්ණයෙන්ම තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
කෙසේවෙතත් අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා අද (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.