පවතින මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කීරීමට අවශ්‍ය යෝජනා සකස් කිරීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් නව පුද්ගල විමර්ශන කොමිසමක් පත් කරමින් ජනපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමඟ රටේ එතෙක් පැවැති මැතිවරණ ක්රමයේ සහ මැතිවරණය පවත්වන ක්‍රමවේදයේ වෙනස්කම් ඇතිවී ඇති බවත් ඒවා වර්තමාන සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යහපාලන මූලධර්ම හා නියෝජන ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වන පරිදි සංශෝධනය කළ යුතු බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
අදාළ ගැසට් නිවේදනයට අනුව එම කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙසේය.
- ප්‍රියසාද් ඩෙප් (විශ්‍රාමික අගවිනිසුරු)
- සුන්තරම් අරුමයිනයහම්
- සේනානායක අලිසඳරාලගේ
- නලීන් අබේසේකර (ජනපති නිතීඥ)
- රාජිත සේනාරත්න පෙරේරා
- අහමඩ් ලෙබ්බේමොහොමඩ් සලීම්
- සාගරිකා දෙල්ගොඩ
- ශ්‍රියානි නිමල්කා ප්‍රනාන්දු
- දීපානි සමන්තා රුද්‍රිගු