තැපැල් ඡන්දය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරි දින කිහිපය තුළ පැමිණිය හැකි බව නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසනවා.
ඒ අනුව විවිධ WhatsApp පණිවිඩ, SMS සහ සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ඇති බවයි අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මේ වන විට ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ඇතිවී ඇති භීතිකාව හේතුවෙන් මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරමින් ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මෙම අසත්‍ය ප්‍රචාරයන් හා මඩ ප්රචාරයන්ට ගොදුරු නොවන ලෙසත්, ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දැනට අරගෙන ඇති තීරණය ක්‍රියාත්මක කරන ලෙසයි නීතිඥ උපුල් කුමරප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.