මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ 3, 5, 7, 9, 11,12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53 සහ 56 යන වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය.