උපන් දිනය සැමරූ මාධවීගේ සංවේදී ෆේස්බුක් සටහන
අද ජීවිතේ අමුතුම හැඟීමක් දැනුන දවසක්… මට හුඟක් කාලෙකින් මගේ හැඟීමට, මං පත්ව ඉන්නා අවස්තාවට හැමෝම සහෘද වුනා, සංවේදී වුනා කියලා දැනුනා. ඒක මට හරිම දුර්ලභයි. ඉතිං මුලින්ම කියන්නම් දවස පුරා දස අතින් ගලාන ආපු සුවහසක් සුබපැතුම් සහ ආශිර්වාද වලට ස්තූතියි !
මේ තමයි මට ලස්සනටම සමරන්න පුළුවන් උපන්දිනය. මං හිතන්නෙ අවුරුදු ගානක් නෙවෙයි ආත්ම ගානක් මම බලන් ඉන්න ඇති මේ හැඟීම විඳගන්න. නමුත් ඒ දවසෙදි මගෙ රත්තරං අප්පච්චි මං ලඟ නැති අඩුව තදින්ම පපුවට දැණුනා. ඒත් ඒ අඩුව මට දැනෙන්න නොදෙන්න මගෙ කසුන්, අම්මා සහ අක්කා අපේ අම්මා දාත් බාප්පා ඇතුලු නෑදෑ යාලු සනුහරේ ඇත්තෝ හුඟක් මහන්සි වුනා. ඒ හැමෝමටත් හුඟක් පිං!!