ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ දී වීදි සංචාරය කිරීමට නියමිත ය.
පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සළසා ඇති අතර බවුසර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පැවසීය.
හෙතෙම තවදුරටත් සඳහන් කළේ ඒ සඳහා රාජ්‍ය නිලධාරින් 600 ක් පමණ යොදවා ඇති බවයි.
මේ අතර ම , මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසිය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පෙරහැර කාලසීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කරන බවයි.