ත්‍රිකුණාමලය පෙරියකුලම ප්‍රදේශයේ පිහිටා ඇති ඉපැරණි රාජමහා විහාරයක් වන බොරළුකන්ද විහාරයේ සිදුකරමින් යන ප්‍රතිසංස්කරණ සහ එළිපෙහෙළි කටයුතු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්ඩිල් තොන්ඩමන්ගේ නියමයෙන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ සම්බන්ධව ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා තමා දැනුවත් කළ බව එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය සුඛිත වංසතිස්ස හිමි පැවසුවේය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධන් සහ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන්ගේ දුරකථන ඇමතුම් ඔස්සේ ලැබුණු වාචික උපදෙස් මත බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ප්‍රාදේශීය ලේකම් පොන්නයියා දනේශ්වරන් මහතා විසින් එවන ලද ලිඛිත නියෝගයට අවට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයට හේතු වූ අතර ඔවුන් පන්සල වටා එක් රොක් වූහ
නියෝගයට අදාළ පිටපත් ආණ්ඩුකාර ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිලාවේලි පොලිස් ස්ථානාධිපති සහ ඉලුප්පුකුලම් ග්‍රාම නිලධාරී යන පරිපාලන නිළධාරීන් වෙත යවා තිබේ.